September 10, 2025

2025 සැප්තැම්බර් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි අධිකරණ නිලධාරීන් 106 දෙනකු මාරුකර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.

මෙම මාරුවීම්වලට දිස්ත්‍රික් විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් සහ අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන් ඇතුළත් වේ.

මාරුකරන ලද මහේස්ත්‍රාත්වරුන් අතර මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ, මහර මහේස්ත්‍රාත් එච්.ජී.ජේ.ආර්. පෙරේරා, කුරුණෑගල මහේස්ත්‍රාත් එන්.ඩී.බී. ගුණරත්න, ගාල්ල මහේස්ත්‍රාත් අයි.එන්.එන්. කුමාරගේ සහ බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී. ජානක යන අය ඇති බව වාර්තා වේ.