
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට, ඔහුගේ බිරිඳට, දියණියන් තිදෙනාට සහ බෑණාට එරෙහිව පවරා ඇති නඩුව සැප්තැම්බර් 15 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න අද නියෝග කළාය.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සහ නීතීඥ කාංචන රත්වත්තේ පැවසුවේ නඩුවට අදාළ ඇතැම් ලිපි ලේඛන මෙතෙක් ලැබී නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් විනිසුරුවරිය පැමිණිලි පාර්ශවයෙන් කරුණු විමසූ අතර රජයේ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ අධිචෝදනා පත්‍රය භාරදෙන අවස්ථාවේ සියලුම ලේඛන ගොනුකර තිබූ බවයි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට, ඔහුගේ බිරිඳට, දියණියන් තිදෙනාට සහ බෑනාණාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය ජුනි 26 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.
හිටපු අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපාවිහේන, ඔහුගේ දියණියන් වන චමිත්‍රි ජානිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලී රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔහුගේ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අයට එරෙහිව මෙම අධිචෝදනා 43 ගොන කර තිබේ.
2020 අගෝස්තු 13 සිට 2024 ජූනි 24 දක්වා කාලය තුළ ජනමාධ්‍ය අමාත්‍යාංශයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධව කටයුතු කරමින් සිටියදී ඔවුන් නීතිවිරෝධී ලෙස ධනය උපයා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකළ බවට චෝදනා එල්ල වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart