
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය විසින් පාලනය කරන හම්බන්තොට අන්තර්ජාතික වරාය පරිශ්‍රයේ පිහිටි එල්පී ගෑස් පර්‍යන්තයෙන් ගෑස් ගඳක් වන බවට ප්‍රදේශවාසීහු පවසති.
හම්බන්තොට නගරයට සමීපව කරගම් ලේවාය පරිශ්‍රයේ සමාගම් දෙකකට අයත් ගෑස් ගබඩා කිරීමේ ටැංකි පිහිටා තිබේ.
මෙම ගෑස් ටැංකිවලින් ගෑස් කාන්දුවක් සිදුවේදැයි ජනතාව විමසති.
මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමනසේකරගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ හම්බන්තොට ගෑස් කාන්දුවක් සම්බන්ධයෙන් ජනතාවගෙන් ලද පැමිණිලි මත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ලවා හදිසි පරීක්ෂාවක් සිදු කළ අතර වරාය පර්‍යන්තයෙහි පිහිටි එම ගෑස් ටැංකිවලින් ගෑස් කාන්දුවක් සිදු නොවන බවට එම නිලධාරීන් වාර්තාකර ඇති බවයි.
කෙසේ වුවද ජනතාව මේ සම්බන්ධයෙන් තමාට ලිපියක් භාරදී ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීය.
තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.
හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ ගෑස් සමාගම් දෙකක ගෑස් ගොඩබෑම සිදු කරන අතර, ඉන් එක් සමාගමක කළමණාකාරවරයෙක්ගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ ගෑස්වලට ගඳ ගැසීමට යොදන මර් කැප්ටන් නැමැති රසායනික ද්‍රව්‍ය ගෑස් ටැංකිවලට යෙදීමේදී කුඩා අංශුවක් හෝ පිටතට පැමිණියහොත් විශාල වපසරියක එම ගඳ පැතිර යන බවයි.
එවැනි ආකාරයෙන් ගඳ පැතිර යෑමට හැකි බවත්, ගබඩා කරල ලද ගෑස් ටැංකිවලින් කිසිදු ගෑස් කාන්දුවක් සිදු වී නැති බවත්, ඔහු සඳහන් කළේය.
(අද පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart