
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රතිපත්ති පොළී අනුපාත අඩු කිරීමට සමගාමීව පොළී අනුපාත අඩු නොකළහොත් බැංකුවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව අද(06) අනතුරු ඇඟවීය.
මහ බැංකුව ජූනි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාත සියයට 2.5කින් අඩු කිරීමෙන් පසු අද නැවතත් එය සියයට 02කින් අඩු කළේය.
දැන් ප්‍රතිපත්ති පොලී අනුපාත සියයට 11 (තැන්පතු) සහ සියයට 12 (ණය දීම) ලෙස පවතී.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ, ජූනි මාසයේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කප්පාදුව සහ ආර්ථිකයේ අනෙකුත් ධනාත්මක වර්ධනයන්ට ප්‍රතිචාර වශයෙන් සාමාන්‍ය ණය පොලී අනුපාතය සියයට 29 සිට සියයට 20 දක්වා පහළ බැස ඇති බවයි.
ඊයේ දිනයේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමත් සමඟ වෙළෙඳපොළ පොළී අනුපාත තවදුරටත් පහළ යා යුතු බව ඔහු පෙන්වාදෙයි.
ප්‍රතිපත්ති පොළී අනුපාත පිළිබිඹු වන පරිදි බැංකුවලට තනිවම පොළී අනුපාත සකස්කිරීමට කාලය ලබා දී ඇති බවද ආචාර්ය වීරසිංහ සඳහන් කරයි.
එසේ නොවුණහොත් වෙළෙඳපොළ පොළී අනුපාත පහළ දැමීම සඳහා මහ බැංකුවට පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart