
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේ කටයුතු තාවකාලිකව නවතා දමමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන සෙනෙවිරත්න, 2023 ඔක්තෝබර් මාසයේ බීමතින් රිය පැදවීම සහ ඒ ආශ්රිත වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටී.
බීමතින් රිය පැදවීමේ චෝදනාව ඉදිරියට ගෙන යෑමට එරෙහිව නීතිපතිවරයා උපදෙස් දී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබියදීත්, ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය දිගටම කරගෙන යෑමේදී වරදක් කර ඇති බවට තර්ක කරමින් ඔහුගේ නීතිඥයන් නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ඉල්ලා සිටියේය.
මෙය අසාධාරණ නඩු විභාගයක අවදානමක් ඇති කළ බව විත්ති පාර්ශ්වයේ මතය විය.
මෙම කරුණු සැළකිල්ලට ගනිමින්, මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරු මඩුල්ල පෙත්සම සම්පූර්ණයෙන් විභාග කරන තෙක් මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු අත්හිටුවීමට නියෝග කළේය.
එසේම සැප්තැම්බර් 23 වැනිදාට පෙර විරෝධතා ඉදිරිපත් කරන ලෙස වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලදී.
පෙත්සම තවදුරටත් සළකා බැලීම නොවැම්බර් 25 වැනිදාට අධිකරණය නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart