
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියාවේ සහ උතුරු කොරියාවේ නායකයන් සමඟ එක්ව අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට චීන ජනාධිපති ෂී ජින්පින්ට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබේ.
ට්‍රම්ප් මේ බව පවසා ඇත්තේ, අද උදෑසන චීනයේ බීජිං නුවර පැවති දැවැන්ත හමුදා පෙළපාලියේදී චීනය ඔවුන්ගේ මිත්‍ර පාර්ශවීය රටවල නායකයන් පිරිසක් ද කැඳවා සිදුකළ මහාපරිමාණ හමුදා අභ්‍යාසයෙන් අනතුරුවය.
එහිදී චීනය ඔවුන් සතු අති නවීන යුද උපකරණ ප්‍රදර්ශනය කර තිබූ අතර, අන්තර්ජාතික විශ්ලේෂකයන් එම හමුදා පෙළපාලිය චීනය සිය හමුදා බලය ලොවට විදහා දැක්වීමක් ලෙස විස්තර කර තිබේ.
විශේෂත්වය වූයේ, හමුදා පෙළපාලියට රුසියානු නායක ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ද සහභාගී වී සිටීමයි.
කෙසේවෙතත් මෙම හමුදා පෙළපාලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Truth Social හි සටහනක් තැබූ ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කරන ව්ලැඩිමීර් පුටින්ට සහ කිම් ජොන් උන්ට තමන් උණුසුම් සුභපැතුම් පිරිනමන බවයි.
එමෙන්ම ඉන් නොනැවතුන ට්‍රම්ප් පවසා ඇත්තේ, දෙවැනි ලෝක යුද්ධ සමයේදී එක්සත් ජනපදය චීනයට ලබාදුන් දැවැන්ත සහයෝගය මෙන්ම, චීනය ජයග්‍රහණය කළ එම යුද්ධයේදී බොහෝ ඇමරිකානුවන් මියගිය බව සිහිපත් කරන බවයි.
ඔවුන්ගේ නිර්භීතකම සහ පරිත්‍යාගය වෙනුවෙන් ඔවුන් නිසි ලෙස ගෞරවයට පාත්රවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ට්‍රම්ප් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart