
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් විමර්ශන වලදී සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
මන්දිනු පද්මසිරි නොහොත් ”කෙහෙල්බද්දර පද්මේ” නමැති පාතාල නායකයා එම කර්මාන්ත ශාලාවට රුපියල් මිලියන 04කට අධික මුදලක් ආයෝජනය කර ඇති බව ද අමාත්‍යවරයා අනාවරණ කළේය.
මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පවත්වාගෙන යෑමට නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන ඇති බවත්, ඒ සඳහා රසායන ද්‍රව්‍ය කිලෝ 2000කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එම පාතාල නායකයාගේ කණ්ඩායම මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති බවත්, මෙය බරපතල ප්‍රශ්නයක් බවත්, දැනට කරගෙන යන පරීක්ෂණවලින් තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතින බැවින් තවදුරටත් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදුකරන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
දේශපාලන හිතවත්කම්, පොලිස් නිලධාරීන් සමඟ ඇති සබඳතා මෙන්ම ව්‍යාජ ගමන් බලපත්‍ර ලබාගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ මෙම පාතාල සාමාජිකයන් පවත්වා ඇති සබඳතා පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇති බවද ඇමැතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart