
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කල්පිටිය ප්රදේශයේ පැවැති ඩීජේ සාදයකදී සිය පෙම්වතා සමඟ නර්තනයේ යෙදෙමින් සිටි 31 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කාන්තාවකට ලිංගික අතවර කර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංචාරක මාර්ගෝපදේශකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
තම පෙම්වතා සමඟ කල්පිටිය කන්දකුලිය ප්රදේශයට පැමිණි මෙම කාන්තාව අසල හෝටලයක පැවති ඩීජේ උත්සවයකට සහභාගි වෙමින් සිටියදී අගෝස්තු 30 වැනි දින කුඩාව ප්රදේශයේදී මෙම සිදුවිමට මුහුණ පා ඇතැයි පොලිසිය පවසයි.
මෙම සාදයට විදේශිකයන් මෙන්ම දේශීය තරුණයන් පිරිසක් ද පැමිණ සිටි බවත්, සියලුදෙනාම විනෝද වෙමින් සිටි බවත් කාන්තාව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ඇය පවසා ඇත්තේ, එම අවස්ථාවේදී තවත් පුද්ගලයන් පිරිසක් තමා වෙත පැමිණි බවත්, ඇයව නුසුදුසු ලෙස ස්පර්ශ කළ බවත්, ඇය ඊට විරුද්ධ වූ විට ඇයට පහරදුන් බවත්ය.
පහරදීම හමුවේ එම විදේශිය කාන්තාවගේ වම් ඇසට ඉහළින් තුවාල සිදුව ඇති අතර, ඇය පුත්තලම පෞද්ගලික රෝහලකින් ඒ සඳහා ප්රතිකාර ලබාගෙන තිබේ.
සැකකරුවන් තිදෙනා හඳුනාගනිමින් කාන්තාව අගෝස්තු 31 වැනිදා කල්පිටිය පොලිසියට ලිඛිත පැමිණිල්ලක් කර ඇත.
සැකකරුවන් 23, 34 සහ 39 යන වයස්වල පසුවන කල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අත්අඩංගුවට ගෙන කල්පිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
අනතුරුව සැකකරුවන් සැප්තැම්බර් 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart