
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් සමග පවුල් ජීවිතයක් ගතකරන අනියම් බිරිඳ සමග ඇති වූ බහින්බස්වීමකින් පසු ඇගෙන් පළිගැනීමට ඇගේ බාලවයස් දියණිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවකුට කුලියාපිටිය මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවමක් නියම කළේය.
ඊට අමතරව එම විත්තිකරු රුපියල් 5000ක දඩයකට ද යටත් කළ විනිසුරුවරයා, වින්දිත තරුණියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙසටත් නියෝග කළේය.
එකී දඩය හා වන්දිය නොගෙවන්නේ නම් මාස 25ක අමතර සිරදඬුවමක් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කළේය.
එම දැරියගේ මව සිය සැමියාගෙන් වෙන්ව විත්තිකරු සමග එකට වාසය කර ඇති බවත් දැරිය ද ඔවුන්ගේ භාරයේ සිට ඇති බවත් පැමිණිල්ලෙන් කියැවිණි.
මෙයට වසර කීපයකට පමණ පෙර එක් දිනක් එම දැරියගේ මව සමග ආරවුලක් ඇති කරගෙන තිබූ විත්තිකරු ‘හිටපියකො තොට හොඳ පාඩමක් උගන්වන්නම්’ කියා බැණ වැදී සිය පාපැදියෙන් දැරිය ඉගෙනුම ලැබූ පාසල අසලට ගොස් පාසල නිමවූ පසු ඇය සිය පාපැදියේ තබාගෙන නිවසට රැගෙනවිත් ඇඳුම් මාරුකිරීමට හෝ ඉඩනොදී පාසල් නිල ඇඳුම පිටින්ම එම අපරාධය සිදුකර ඇති බව පැමිණිල්ලෙන් කියැවිණි.
වසර ගණනාවක් තිස්සේ සිදුකළ නඩු විභාගයෙන් අනතුරුව විත්තිකරුට එරෙහිව නඟා තිබූ චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart