
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වසරේ මුල් මාස හත තුළ අල්ලස් සම්බන්ධ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එම කොමිසමට අනුව, මෙම කාලය තුළ පැමිණිලි 3,937 ක් ලැබී ඇත.
මෙම පැමිණිලි මත පදනම්ව, වැටළීම් 72 ක් සිදුකර ඇති අතර, ඉන් 39 ක් සාර්ථකව තිබේ.
අත්අඩංගුවට ගත් අයගෙන් වැඩිම සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොලිසියේ වේ. එනම්, පොලිස් නිලධාරීන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රජයේ ආයතන කිහිපයකින් ද සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව කොමිසම තවදුරටත් සඳහන් කරයි.
තවද, මෙම කාලය තුළ අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 27 දෙනෙකු අධිකරණය විසින් වරදකරුවන් කර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart