
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආගමික සංහිඳියාවට තර්ජනයක් වන සියලු ක්‍රියාවන්ට එරෙහිව අවශ්‍ය නව නීති පද්ධතියක් පැනවීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක ඊයේ (05) සඳහන් කළේය.
කිසිදු ආගමකට අපහාස කළ නොහැකි ආකාරයට අදාළ නීති පද්ධතිය සකස් කරන බවත්, නව පනතක් කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඇමැතිවරයා පැවැසීය.
එමෙන්ම භාෂණය හෝ ආගමික නිදහසට මුවා වී කිසිදු ආගමකට අපහාස කිරීමට කිසිවකුටත් අයිතියක් නැති බවද ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
ස්ථාවර රටක් යනුවෙන් බොහෝ දෙනා අදහස් කරන්නේ ආර්ථිකය දියුණු තත්ත්වයකට පැමිණීම වුවද, දිගින් දිගටම ආර්ථික වර්ධනය ගැන කතා කර අවසානයේදී බංකොලොත් කියන තැනට රට පත්වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම මෙරටට මහා සංස්කෘතියක් උරුම වී තිබුණු අතර, එම සංස්කෘතියට වටිනාකම් ලබානොදී රුපියල් ශතවලට එම වටිනාකම් ලබාදීම නිසා අද මේ තිබෙන තත්ත්වයට රට වැටී තිබෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart