
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එකම දිනක සිය ගණනක් පුද්ගලයන් භාවිත කරන වැසිකිළි ආසනයක් මත ඔබ වාඩිවී සිටින විට ඒවායේ රෝග කාරක කොපමණ කාලයක් ජීවත් වේද කියා ඔබට කල්පනා විය හැකිය.
ඔබ පොදු වැසිකිළියකට පය තැබූ පසු එවැනි සිතුවිලි වළක්වා ගැනීමට නොහැක.
එවිට මුළු ආසනයම වැසිකිළි කඩදාසිවලින් ඔතා හෝ සෝදා භාවිතය සුදුසු බව හැඟේ.
එහෙත් ආසනය මත වාඩි වී සිටීමෙන් පමණක් රෝග බෝවිය හැකිද? විශේෂයෙන් ලිංගාශ්‍රිත රෝග සේ බෝවිය හැකි ද?
දකුණු ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය හා ක්ෂුද්රජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජිල් රොබට්ස් මේ පිළිබදව පවසා තිබේ.
විශේෂයෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ගැන පවසා ඇති අතර ගොනෝරියා සිට ක්ලැමීඩියා දක්වා ඇති කළ හැකි බැක්ටීරියා සහ වෛරස් බොහොමයකට වැසිකිළි ආසනයක් වැනි සීතල, තද මතුපිටක් මත තබා, ජීවියෙකුගේ ශරීරයෙන් පිටත දිගු කලක් පැවතිය නොහැකි බව පවසා තිබේ .
ඒ බැවින් බහුතරයක් ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂණය වෙන්නේ ලිංගික අවයව සෘජුවම ස්පර්ශ කිරීමෙන් සහ ශරීර තරල හුවමාරුවෙන් පමණක් බව පැවැසෙයි.
වැසිකිළි ආසන මගින් ලිංගාශ්‍රිත රෝග එතරම් පහසුවෙන් සම්ප්‍රේෂණය කළ හැකි නම් ඒවා සෑම වයස් කාණ්ඩයකම සහ ලිංගික ක්‍රියාකාරකම් ඉතිහාසයක් නොමැති පුද්ගලයන් තුළ නිතර දැකීමට හැකිවන ඇති බවට ද රොබටිස් පවසා තිබේ.
ඒ හා සමානව, වැසිකිළි ආසනයකින් ඔබට රුධිරයෙන් බෝවන රෝගයක් වැළඳීමේ සම්භාවිතාව අඩු බව ද ඇය පවසයි.
වැසිකිළි ආසනයෙන් වෙනත් පුද්ගලයෙකුගේ මුත්‍රා ආසාදන (UTI) වැළඳීමේ සම්භාවිතාවද ඒ හා සමානව අඩු බව ද වැසිකිළි ආසනයෙන් මුත්‍රා මාර්ගයට මළපහ සම්ප්‍රේෂණය කළහොත් පමණක් ඔබට මුත්‍රා ආසාදන ඇති වන බවද පවසන ඇය, ඒ සඳහා විශාල මළපහ ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇතැයි ද පවසා තිබේ.
කෙසේවෙතත් පොදු වැසිකිළි භාවිතයේදී හැකි තාක් පිරීසිදුව ඒවා භාවිතා කළ යුතු බවත් ආසාදන ඇති වීම් වළක්වා ගැනීමටත් කටයුතු කිරීම වැදගත් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart