
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ පාලනයට දොස් පැවරූ කණ්ඩායම්වලට අද සිදුව එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි බව පිළිගැනීමට සිදුව ඇතැයි එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රට ගොඩනැගීමට බලයට ආ වත්මන් ආණ්ඩුවට ද එදා පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිවැරදි බව පිළිගැනීමට සිදුව ඇති බවයි.
එදා එක්සත් ජාතික පක්ෂය වරාය, මහපොළ, මහවැළි ව්‍යාපාරය, විශ්ව විද්‍යාප පද්ධතිය හා සෞඛ්‍ය අංශය ගොඩනැගූ විට මෙම පිරිස් දොස් පැවරූ බව ද ඔහු පෙන්වා දුන්නේය.
මන්ත්‍රීවරයා පැවසුවේ එදා එම ක්‍රියාපිළිවෙළ වැරදි ලෙස දුටු පිරිසට අද එම ක්‍රියාවලිය නිවැරදිව පෙනෙන බව ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
කෙසේවෙතත් එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස තමන් පක්ෂයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සතුටට පත්වන බව ද ඔහු පැහැදිළි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart