
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උපත් පාලන කොපු(කොන්ඩොම්) භාවිතය, පූර්ව නිරාවරණ රෝග නිවාරණය සහ පශ්චාත්-නිරාවරණ රෝග නිවාරණය ඇතුළුව HIV/ලිංගාශ්‍රිත රෝග වැළැක්වීමේ පියවර මෙරට පාසල් විෂය මාලාවට ඒකාබද්ධ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහන මගින් නිර්දේශ කර ඇත.
ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය 10 වැනි ශ්‍රේණියේ විද්‍යා පෙළපොතට HIV/ලිංගාශ්‍රිත රෝග වැළැක්වීමේ පියවර හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ.
වත්මන් විෂය නිර්දේශයේ පවතින අඩුපාඩු සොයාබලා ඒවා මගහරවා ගනිමින් සිසුන්ට වයසට ගැළපෙන, සාක්ෂි පදනම් කරගත් දැනුමක් ලබාදීම මෙම පියවරේ අරමුණයි.
විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ, දැනට විද්‍යාව සහ සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපන පොත්පත්වල සඳහන් වන්නේ නිශ්චිත ජෛව වෛද්‍ය නිවාරණ ක්‍රම පිළිබඳව විස්තර නොකර ‘වගකිවයුතු ලිංගික හැසිරීම්’ මගින් HIV වැළැක්විය හැකි බව පමණක් බවයි.
වෛද්‍යවරිය පවසන පරිදි මෑතකාලීන සමාලෝචනයකින් අවධාරණය කර ඇත්තේ, මෙම විස්තර නොමැතිකම හේතුවෙන් ප්‍රධාන වැළැක්වීමේ උපාය මාර්ග පිළිබඳව සිසුන් ප්‍රමාණවත් ලෙස දැනුවත් නොකරන බවයි.
2024 ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණයේ සොයාගැනීම් ප්‍රතිසංස්කරණයේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කරන බව ද ඇය තවදුරටත් පැහැදිලි කරයි.
එහිදී අනාවරණ වී ඇත්තේ එච්අයිවී හෝ ඒඩ්ස් ගැන අසා ඇති බව වාර්තා කර ඇත්තේ සිසුන්ගෙන් 63% ක් පමණක් බවයි.
2016 හි එම දැනුවත්භාවය 77% ක ප්‍රතිශතයක තිබී ඇති අතර වර්තමානයේ එය තියුණු පහත වැටීමකි.
ඒ හා සමානව, HIV ආසාදනය වළක්වාගන්නේ කෙසේද යන්න පන්තියේදී ඉගෙනුම ලබා ඇති සිසුන් සංඛ්‍යාව 2016 දී 67.1% සිට 2024 දී 44.2% දක්වා අඩුව තිබේ.
එමෙන්ම සිසුන්ගෙන් 4.6%ක ප්‍රතිශතයක් ලිංගික සම්බන්ධතාවල නිරත වූ බව පිළිගෙන තිබේ.
මෙහිදී විෂයමාලා ප්‍රතිසංස්කරණයට අමතරව ගුරු පුහුණුව සඳහා ද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමුඛත්වය දෙනු ඇත.
ගුරුවරුන් සහ පාසල් උපදේශකයින් HIV වැළැක්වීමේ උපාය මාර්ග පිළිබඳ පූර්ව සේවා සහ සේවා කාලය තුළ පුහුණුව ලබාගත යුතු අතර, ඔවුන්ට විශ්වාසයෙන් හා ස්ථාවරත්වයෙන් යුතුව පාඩම් ඉදිරිපත් කිරීමට හැකි විය යුතු බව විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ වැඩිදුරටත් පවසයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart