August 28, 2025

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූ පාතාල නායකයකු බව කියන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායමේ ඡායාරුප මේ වන විට ප්‍රසිද්ධියට පත්ව තිබේ.

‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සාලින්ද’ ඇතුළු ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයන් හයදෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව අද උදෑසන වාර්තා විය.

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සාලින්ද, පානදුර නිලංග, තැඹිලි සමන් සහ කාන්තාවක් ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.