
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයෙන් හෝ රාජ්‍යතාන්ත්‍රික මාර්ගවලින් කිසිදු වෙනසක් සිදුවී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.
පසුගියදා පැවැති දේශපාලන රැලියකදී කච්චතිව් දූපත පිළිබඳව, ඉන්දීය නළුවකු මෙන්ම මේවනවිට දේශපාලනඥයකු ද වන තලපති විජේ කළ ප්‍රකාශය සමඟ මෙම ප්‍රශ්නය අවධානයට ලක් වූ අතර එය මෙරට තුළ සංවාදයක් ඇති කර තිබේ.
කැබිනට් ජනමාධ්‍ය හමුවේදී ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය විජිත හේරත් කියාසිටියේ එවැනි ප්‍රකාශ හුදු දේශපාලන කතා පමණක් වන බැවින් ඒවායේ කිසිදු නිල අදාළත්වයක් නොමැති බවයි.
“කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිතියි, එය ශ්‍රී ලංකා භූමියයි, ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ, මේ වන විට දකුණු ඉන්දියාවේ මැතිවරණ පැවැත්වෙන නිසා ඡන්ද ලබාගැනීම සඳහා අපේක්ෂකයන් බොහෝ විට විවිධ ප්‍රකාශ කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
”මෙය පළමු අවස්ථාව නොවේ. මීට පෙරද මැතිවරණ වේදිකාවලද මෙවැනි ප්‍රකාශ සිදු කර තිබෙනවා. නමුත් ඒ කිසිම ප්‍රකාශවලින් කිසිදු වෙනසක් වෙලා නැහැ. විජය ප්‍රචාරක රැලියක් අතරතුර සිය අදහස් පළකළ අතර එය එතරම් බැරෑරුම් ලෙස නොගත යුතුය. මධ්‍යම රජයෙන් හෝ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කිසිදු වෙනසක් සිදුවී නැහැ. ඒ නිසා ඊයේත්, අදත් හෙටත් කච්චතිව් ලංකාවේ කොටසක් ලෙස පවතිනවා.” යැයි අමාත්‍යවරයා පැවසීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ඇති කරගත් ගිවිසුම් මෙතෙක් හෙළිනොකළේ මන්දැයි යනුවෙන් ජනමාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු කියාසිටියේ අදාළ ගිවිසුම් මේ වන විට අධිකරණ සමාලෝචනයේ පවතින බවයි.
එම ගිවිසුම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බැවින් එම නීතිමය ක්‍රියාවලිය අවසන් වන තෙක් බලාසිටින බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart