August 27, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ, නිසි අවසරයකින් තොරව රෝගීන්ගේ සංවේදී වෛද්‍ය තොරතුරු හෙළිකිරීමට නිලධාරීන්ට අවසර නොමැති බවයි.

එසේම රුක්ෂාන් බෙල්ලනට එවනි තොරතුරු ප්‍රසිද්ධ කිරීමට බලයක් ලබාදී නොමැති බවද නියෝජ්‍ය ඇමැතිවරයා පවසයි.