
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී අවශ්‍ය මුද්‍රිත වෛද්‍ය සහතික නිකුත්කිරීමේදී සිදුවන බවට වාර්තා වන අක්‍රමිකතා අවම කිරීමට කටයුතු කරන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු පවසයි.
එම ආයතනය විසින් මෙතෙක් මුද්‍රිත කඩදාසි මත වෛද්‍ය සහතික නිකුත් කිරීම විවිධ අක්රමිකතාවලට හේතු වූ බව ඔහු සඳහන් කරයි.
මෙම ගැටළුවට පිළියමක් ලෙස එම ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කිරීම සහ අක්‍රමිකතා අවම කිරීම අරමුණු කරගනිමින් එම කටයුතු සිදු කිරීම සඳහා ඔන්ලයින් ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ, දැනට රියදුරන් තම බලපත්‍ර අලුත් කරගැනීම සඳහා වේරහැර ප්‍රදේශයට පැමිණිය යුතු අතර, මූලික වශයෙන් ඇඟිලි සලකුණු සත්‍යාපනයේ දී මහජනතාව අපහසුතාවට පත්වන බවයි.
මාසයක් ඇතුළත මෙම ක්‍රමය වෙනස් කර වේරහැරට නොගොස් බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත්, එම වැඩපිළිවෙළට අදාළ මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart