August 27, 2025

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිට රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (26) පස්වරුවේ දී ඇප මත මුදාහැරියේය.

ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නීති කෘත්‍ය, එළඹෙන ඔක්තෝබර් 29 දා නැවත කැඳවනු ලැබේ.

ඒ බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේ ය.

පොදු දේපළ පනත යටතේ චෝදනා ලද හිටපු ජනාධිපතිවරයා, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරගේ නියෝගය පරිදි පසුගිය අගෝස්තු 22 දින රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේය.

එයට අදාළ නීති කෘත්‍ය ඊයේ (26) දිනයේ දී නැවත කැඳවනු ලැබීය.