August 26, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබා ගැනීම සඳහා ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මණ්ඩලය විසින් සුවිශේෂි කරුණු රැසක් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට පවතින සියලු රෝග සම්බන්ධ වාර්තාවක් ද නීතීඥයින් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එම වාර්තා අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇති බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබේ.

එම රෝග තත්ත්වට අදාළ සියලු වෛද්‍ය වාර්තා නීතීඥවරයා විසින් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ..

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා කළක පටන් වගුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක් මේ වන විට පෙන්නුම් කරන බවත් ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත.

තවද හිටපු ජනාධිපතිවරයාට බරපතල ජීවිත අවදානමක් මතුව ඇතැයිද ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇතැයි වාර්තා වේ.