
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුර්ලභ ගණයේ කළු කොරල් තොගයක් ගම්පහ දුම්රිය ස්ථානය අසල අලෙවි කිරීමට උත්සාහ කළ 23 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, හොරගොල්ල ජාතික වනෝද්‍යානයට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටළීමකදීය.
එහිදි සැකකරු රුපියල් 75,000 ක මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ කළු කොරල් කිලෝග්‍රෑම් 3.2ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් භාණ්ඩ සමඟ සැකකරු හෙට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හොරගොල්ල ජාතික වනෝද්‍යාන භාර නිලධාරී පී.ඒ.එස්.යූ.ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැටළීම සිදුකර තිබේ.
කළු කොරල් ගැඹුරු මුහුදේ දක්නට ලැබෙන කොරල් විශේෂයක් වන අතර, පුළුල් පරාසයක පවතින ඒවා මගින් සාගර ජීවීන් සඳහා වාසස්ථාන, ආහාර සහ ආරක්ෂාව සපයයි.
එහි පිටත පෘෂ්ඨය විවිධ වර්ණවලින් දිස්වුවද, අභ්‍යන්තරය කළු බැවින් කළු කොරල් ලෙස හඳුන්වයි.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත යටතේ කොරල්පර කැපීම, සන්තකයේ තබාගැනීම, වෙළඳාම, ආනයනය, අපනයනය හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වේ.
කොරල් ජාවාරම්කරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 1992 වනජීවී ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart