
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය රජයේ ප්‍රතිපාදන මත යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 924ක් ඉදිකිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රජය පවසන පරිදි, පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ඉන්දීය රජය විසින් ලබාදුන් ප්‍රතිපාදන යොදාගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස්කිරීමේ ටැංකි 3000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට 2016 ඔක්තෝම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවිය.
ව්‍යාපෘතිය වසර තුනක කාලයක් තුළ අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් මතුව ඇති මූල්‍ය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් ව්‍යාපෘති කාලය දීර්ඝ කර, සිමෙන්ති වෙනුවට PVC වැසි ජල ටැංකි 1831ක් සවිකිරීමට 2022 වසරේ කැබිනට් අනුමැතිය හිමිවිය.
කෙසේවෙතත්, ව්‍යාපෘතියේ ඉතිරි මුදලින් වැසි ජලය රැස්කිරීමේ ටැංකි 924ක් ස්ථාපිත කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart