
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීමාසහිත මගනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පෞද්ගලික සමාගමේ මෙහෙයුම් කටයුතු නවතා තිබියදී අධ්යක්ෂ මණ්ඩලයේ තීරණයකට අනුව ස්වෙච්ඡා හා අනිවාර්ය විශ්‍රාම ගිය සේවකයන්ගෙන් 91 දෙනකු අලුතින් බඳවාගෙන එම සේවකයින්ට මාස 20ක කාලයක් සඳහා රුපියල් දාහත්කෝටි විසිදෙලක්ෂ අසූදහස් නවසිය හැත්තැතුනක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.
මෙම සේවකයන් කාර්යය පැවරුම් ගිවිසුම් මත සහ කාර්යය පැවරුම් පදනම මත බඳවාගෙන 2023 වර්ෂයේ ජුනි මස 01 වැනිදා සිට 2025 පෙබරවාරි මස 28 වැනිදා දක්වා කාලයේ දී වැටුප් හා දීමනා වශයෙන් මෙම මුදල ගෙවා තිබේ.
මෙම සමාගම ඈවර කිරීමේ කටයුතු ආරම්භ කර නොතිබූ අතර අලුතින් බඳවා ගනු ලැබූ සේවකයින් තෝරාගත් පදනම විගණනය වෙත ඉදිරිපත් කර නැත.
එමෙන්ම මෙකී සමාගම මෙහෙයුම් කටයුතු නතර කර තිබූ පසුබිමක 2023 වර්ෂයේ ජුනි මස 06 වැනිදා සිට රුපියල් 245,000ක මාසික වැටුපක් මත නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මුදල් තනතුර සඳහා සහ මාසික රුපියල් 172,000ක වැටුපක් මත මූල්‍ය කළමනාකරුවන් දෙදෙනකු බඳවාගෙන ඇත.
මොවුන් බඳවාගැනීමේ ප්‍රමාණවත් අවශ්‍යතාවයක් විගණනයට නිරීක්ෂණය වී නොමැති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart