
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ අන්තර්ජාතික රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් 89 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටී.
අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසුවේ 2025 ඔක්තෝබර් 30 වැනිදා මෙහෙයුම ආරම්භ කළ දින සිට හෙරොයින් කිලෝග්‍රෑම් 1,071කට වැඩි ප්‍රමාණයක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,938ක් සහ කංසා කිලෝග්‍රෑම් 4,917ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
රට පුරා සැකකරුවන් 114,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පුද්ගලයන් 215 දෙනෙකුගේ නීති විරෝධී වත්කම් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඔහු පැවසීය.
පසුගිය මාස පහ තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 1,911 දෙනෙකු පුනරුත්ථාපනය කර ඇත.
දූෂණය මැඩපැවැත්වීම සඳහා, මහජනතාවට තොරතුරු ලබා දීමට හැකි වන පරිදි නව WhatsApp ක්ෂණික ඇමතුම් අංකයක් (0777128128) බස්නාහිර පළාතේ හඳුන්වා දී ඇත.
දිවයින පුරා පොලිස් ස්ථාන 608කට සම්බන්ධ 1997 සහ 119 හරහා ජනතාවට සංවිධානාත්මක අපරාධ වාර්තා කළ හැකිය.
ජාවාරම්කරුවන්ට සහාය දුන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ඔහු සඳහන් කළේය.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ අවධාරණය කළේ මෙම මෙහෙයුමේ හමුදා නිලධාරීන් 7,000ක් පමණ ක්‍රියාකාරීව නිරත වී ඇති බවයි.
ගුවන් හමුදාව ඩ්‍රෝන යානා සහ ගුවන් නිරීක්ෂණ භාවිත කරමින් ගුවන් ගමන් පැය 250ක් වාර්තා කර ඇති අතර නාවික හමුදාව 2025 සහ 2026 කාලය තුළ මුහුදේදී රුපියල් බිලියන 96කට වඩා වටිනා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දී රුපියල් බිලියන 5.8ක් වටිනා මත්ද්‍රව්‍ය අනාවරණයන් 147ක් සිදු කරමින් ශ්‍රී ලංකා රේගුව සැළකිව යුතු දායකත්වයක් ලබා දී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පැවසීය.
බලධාරීන් පැවසුවේ මෙම මෙහෙයුම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාලවලට විශාල පහරක් එල්ල කර ඇති බඅතර ජාවාරම් මාර්ග කඩාකප්පල් කර රුපියල් මිලියන ගණනක් වටිනා වත්කම් රාජසන්තක කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart