
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් 2025.04.01 දින සිට නියම කර ඇත.
ඒ අනුව මි.ලි. 500 පානීය ජල බෝතලයක් රු.70/-ට ද ලිටර් 1 පානීය ජල බෝතලයක් රු.100/-ට ද ලිටර් 1.5 පානීය ජල බෝතලයක් රු .130/-ට ද ලිටර් 2 පානීය ජල බෝතලයක් රු .160/-ට ද ලිටර් 5 පානීය ජල බෝතලයක් රු .350/-ට ද අලෙවි කළ යුතුය.
යුනියන් පෙදෙසෙහි පිහිටි සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් ශාඛාවක දී ලිටර් 1 පානීය ජල බෝතලයක් රුපියල් 130/-ක මුදලකට අලෙවිකිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2025.04.23 දින වැටළීමක් සිදුකර ඇත.
ඒ අනුව, අදාළ සමාගමට එරෙහිව 2025.05.08 දින අලුත්කඩේ අංක 5 ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ දී නඩු පවරා ඇති අතර, එම නඩුවේ දී අදාළ සුපිරි වෙළෙඳසැල මගින් වරද පිළිගැනීමෙන් පසුව රුපියල් මිලියන 2ක දඩ මුදලක් අධිකරණය නියම කර ඇත.
එමෙන්ම පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ තවත් වෙළෙඳසැල් 5කට ද රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් අධිකරණය නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය මාසය තුළ පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධ වැටළීම් 138ක් පමණ සිදුකර ඇති අතර, ඒ සම්බන්ධව නඩු පැවරීම් සිදුකරනු ලබන බව ප්රකාශ කරයි.
එමෙන්ම සහල් සම්බන්ධව ද සිදුකරනු ලබන වැටලීම් තවදුරටත් ක්රියාත්මක වන අතර, පසු ගිය මාසය තුළ සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව වැටළීම් 91ක් සිදු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart