
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනීසිටින 81 හැවිරිදි අපේක්ෂකයකු ජාතික අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම වසරේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ ගුණාත්මකභාවය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කර ඇත.
එය අතිශයින් දෝෂ සහිත බව පවසන එම අපේක්ෂකයා, විභාගයේ ව්‍යුහාත්මක අඛණ්ඩතාව සහ සිසුන්ගේ ප්‍රතිඵල කෙරෙහි එහි බලපෑම පිළිබඳව කනස්සල්ල පළකර ඇත.
කිරිබේරියේ පදිංචිකරුවෙකු වන නිමල් සිල්වා නමැති මෙම අපේක්ෂකයා ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ, තම වැඩිහිටි වියේදී විභාගයට පෙනීසිටීමට ගත් තීරණය හුදෙක් පෞද්ගලික ජයග්‍රහණයක් සඳහා නොව, පිරිහෙන ජාතික අධ්‍යාපන ක්‍රමයක සාක්ෂි රැස්කිරීම සඳහා බවයි.
“මම රජයට කියන්නේ මෙම ප්‍රශ්න පත්‍රය දිහා බලන්න. ඇත්තේ එක් සැබෑ ගණිත ප්‍රශ්නයක් පමණයි, ඉතිරි ප්‍රශ්න පත්‍රය දෝෂ වලින් පිරිලා. එය දරුවන්ගේ දැනුම පරීක්ෂා කිරීමට වඩා අසමත් කිරීමට නිර්මාණය කර ඇති ප්‍රශ්න පත්‍රයක්.” ඔහු පැවසුවේය.
එමෙන්ම ඔහු පැවසුවේ ජනාධිපතිවරයා, අගමැතිනිය සහ ඉහළ පෙළේ අධ්‍යාපන නිලධාරීන් පෞද්ගලිකව විභාග ප්‍රශ්න පත්‍රය සමාලෝචනය කර එය ලිවීමට උත්සාහ කරන ලෙස ඉල්ලා සිටින බවයි.
“ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ අනෙකුත් අධ්‍යාපන නිලධාරීන්ට මම අභියෝග කරනවා ප්‍රශ්න පත්‍රය ලියන්න උත්සහ කරන්න කියලා” ඔහු ජනමාධ්‍ය හමුවේ පැවසුවේය.
එපමණක් නොව, වත්මන් විෂය මාලාව ගණිතයේ මූලික කුළුණු වන අංක ගණිතය, වීජ ගණිතය සහ ජ්‍යාමිතිය අතහැර දමා ඇති බවට ඔහු චෝදනා කරන අතර, ඒවා පසුගිය දශක කිහිපය තුළ වෙනස් විෂයයන් ලෙස වඩාත් ඵලදායී ලෙස ඉගැන්වූ බව ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart