
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ග්රෑන්ඩ්පාස් ප්රදේශයේදී සහෝදරයන් දෙදෙනකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනකු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ, ග්රාන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්රාත් මංජුල තිලකරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
පොලිසිය එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ, මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන සිදුකරන හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
එහෙත් සැකකරුවන්ගේ විරුද්ධවාදීන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලීමක් කර තිබේ.
ඉදිරිපත් වූ කරුණු සළකාබැලූ අධිකරණය මෙම සැකකරුවන් ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart