
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් අට දෙනෙකු මාරු කර තිබේ.
මෙම මාරුවීම් අතරට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු සහ එක් පොලිස් අධිකාරීවරයෙකු ඇතුළත් වේ.
මාරු කරන ලද නිලධාරීන් මෙසේයි.
* නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.ජී.ජේ. සේරම්: ගාල්ල කොට්ඨාසයෙන් බඳවා ගැනීමේ සහ පුහුණු කිරීමේ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කිරීම සඳහා මාරු කරන ලදී.
* නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර: ගාල්ල කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස
* ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.එච්.ඊ.එල්. පෙරේරා: ගම්පොළ කොට්ඨාසය භාරව සිට, කොළඹ උතුර කොට්ඨාසයට
* ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්. ගුණවර්ධන: මොනරාගල කොට්ඨාශයේ සිට පොලිස් මූලස්ථානයට
* ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ඒ.ආර්. පුෂ්පකුමාර: කොළඹ උතුර කොට්ඨාසයෙන් ගුවන්තොටුපළ විශේෂ පොලිස් අංශයේ අධ්යක්ෂ ලෙස
* ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර: වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ හිටපු අධ්යක්ෂ, කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙස
* ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්.එස්.බී. වික්‍රමසිංහ: පොලිස් මූලස්ථානයේ අතිරේක පරිපාලන අධ්යක්ෂ, මොනරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස
* පොලිස් අධිකාරී පී.ඩී. ඉලංගකෝන්: මහනුවර පොලිස් අධිකාරී ලෙස සිට ගම්පොළ කොට්ඨාසයට
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart