
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව පුරා කාන්තාවන් මිලියන 700 කට තවමත් බැංකු පහසුකම් නොමැති අතර බැංකු ගිණුම්, ඩිජිටල් ගෙවීම් සහ ජංගම මුදල් සේවා සඳහා ප්‍රවේශයක් නොමැති බව ලෝක බැංකුවේ Global Findex 2025 වාර්තාව අනාවරණය කරයි.
කෙසේවෙතත්, 2024 වන විට, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල කාන්තාවන්ගෙන් සියයට 73 කට බැංකු ගිණුමක් ඇති බවත්, එය 2021 වසරට සාපේක්ෂව සියයට හතක වැඩිවීමක් බවත් වාර්තාවෙන් අනාවරණ කර තිබේ.
අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල කාන්තාවන්ගෙන් සියයට 36 ක් පමණ විධිමත් ලෙස ඉතිරිකිරීම සඳහා බැංකු ගිණුම් භාවිත කරන අතර, එය 2021 දී සියයට 22 සිට සැලකිය යුතු වැඩිවීමකි.
එපමණක් නොව, එම රටවල ඩිජිටල් ගෙවීම් කළ හැකි සහ ලබාගත හැකි කාන්තාවන් සංඛ්‍යාව ද සියයට 50 සිට සියයට 58 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ගෙවීම්වලට ඩිජිටල් වෙළඳ ගෙවීම් ඇතුළත් වන අතර එය සියයට 32 සිට සියයට 38 දක්වා වැඩිවීමකි.
මේ අතර 2024 වන විට, ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15 ට වැඩි ගැහැණු ළමුන් සහ කාන්තාවන්ගෙන් සියයට 80.2 කට බැංකු ගිණුමක හිමිකාරිත්වය ඇතැයි අනාවරණ වී තිබේ.
මෙය ලෝක බැංකුව විසින් අලුතින් නිකුත් කරන ලද රට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දත්ත භූ දර්ශන මගින් හෙළිදරව් කරන ලද අතර, එමඟින් මූල්‍ය හා ඩිජිටල් ඇතුළත් කිරීම පිළිබඳ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදෙයි.
එපමණක් නොව, එම වසරේම, එකම වයස් කාණ්ඩයේ ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් සියයට 21.4 ක් බැංකුවක, ඒ හා සමාන මූල්‍ය ආයතනයක හෝ ජංගම මුදල් ගිණුමක් හරහා මුදල් ඉතිරි කර ඇති අතර, සියයට දහයක් පමණක් මාසිකව ගිණුමකට මුදල් ඉතිරි කර හෝ වෙන්කර තිබේ.
කෙසේවෙතත් බැංකු සේවා නොමැති කාන්තාවන් සඳහා ඇති ප්‍රධාන බාධක අතරට ගිණුමක් විවෘත කිරීමට මුදල් නොමැතිකම, ඒ සඳහා වැයවන ගාස්තු දැරීමට නොහැකිවීම, පවුලේ සාමාජිකයෙකුගේ ගිණුමක් මත යැපීම සහ මූල්‍ය සේවා ස්ථාන වෙත ඇති දුර ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart