
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව භාවිතයෙන් ඉවත් කරන ඩීසල් දුම්රිය එන්ජින් දෙකක් ලංකාවට රැගෙන ඒමට පෙර ඒවා පරීක්ෂා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ 65 දෙනකු ඉන්දියාවට යෑමට සැරසෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෝ හෙළිකරති.
දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් පවසන ආකාරයට දුම්රිය විද්‍යුත්කරණය නිසා ඉන්දියාව පාවිච්චියෙන් ඉවත් කරන ඩීසල් එන්ජින් 20ක් ලංකාවට පරිත්‍යාග කිරීමට ඉන්දියාව සැරසෙයි.
ලංකාවට පළමුව එවන්නේ ඉන් එන්ජින් දෙකකි. එම එන්ජින් දෙක පරීක්ෂා කිරීමට මේ 65 දෙනා යෑමට නියමිත බව ද ඒ ඉංජිනේරුවෝ පවසති.
දුම්රිය එන්ජින් 20ක් නොව 100ක් පරීක්ෂා කිරීමට වුවත් ටෙක්නිකල්, මැකනිකල්, ඉලෙක්ට්‍රික් සහ සිවිල් යන ක්ෂේත්‍ර හතරෙන් ප්‍රවීණ ඉංජිනේරුවන් හතරදෙනකු පමණක් යෑම ප්‍රමාණවත් බව ද ඒ ඉංජිනේරුවෝ පෙන්වාදෙති.
ඉන්දියන් දුම්රිය එන්ජින් දිග වැඩිකම, බර වැඩිකම සහ ඇක්ෂල් ලෝඩ් සමාන නැතිකම නිසා නිතර පීලිපනින බව පෙන්වාදෙන ඒ ඉංජිනේරුවෝ, ඉන්දියාව පාවිච්චියෙන් ඉවත් කරන දුම්රිය එන්ජින් ලංකාවට පිනට දෙන්නේ අමතර කොටස් අලෙවිය අරමුණු කරගෙන බව ද පවසති.
එහෙයින් ඉන්දියාව පිනට දෙන දුම්රිය එන්ජින් භාරගැනීමෙන් ලංකාවේ දුම්රිය සේවයේ පැවැත්ම ඉන්දියාව මතම තීරණයවන තත්ත්වයක් නිර්මාණය වන බව ද ඔවුහු පෙන්වාදෙති.
අමතර කොටස් අලෙවි කරගැනීමේ අරමුණෙන් ඉන්දියාව දුම්රිය එන්ජින් නොමිලේ දෙන උගුලට හසුනොවී ලංකාව දැනට තමන් සතු ජපන්, ජර්මන් සහ කැනේඩියන් දුම්රිය එන්ජින් නවීකරණය කරගත යුතු බව පෙන්වා දෙන ඉංජිනේරුවෝ, නවීකරණයෙන් එන්ජින් අලුත්ම තත්ත්වයට පත්කළ හැකි සුපිරි දක්ෂයන් රත්මලාන වැඩපොළේ සිටින බව ද හෙළිකරති.
2004 දී සුනාමියට හසු වූ කැනේඩියන් දුම්රිය එන්ජිම අදටත් ධාවනය කෙරෙන්නේ රත්මලාන වැඩපොළේ කාර්මිකයන්ගේ දක්ෂතා ලොවට හෙළිකරමින් බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෝ පෙන්වාදෙති.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart