October 27, 2026

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ උපදෙස් පරිදි දිවයින පුරා ශාඛා සමිති සියයට හැටක් නිර්මාණය කර අවසන් බව එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක පවසයි.

තවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධානද සියයට පනහක්ද පිහිටුවා අවසන් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධානවල ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.

මෙහිදී ලබන වසර ආරම්භ වන විට ඉතිරි ශාඛා සමිති ඉතිරි සියයට හතළිහද පිහිටුවා අවසන් කරන බවද ඩී.වී චානක පවසා ඇත.

තවද ඊළඟ වර්ෂයේ මැද වනවිට කොට්ඨාස රැස්වීම් 4000ක්ද පවත්වා අවසන් කරන බවද හෙතෙම ප්‍රකාශ කරයි.