
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හජ් වන්දනාව අතරතුර අවම වශයෙන් වන්දනාකරුවන් 577 ක් මියගොස් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
මෙම වසරේදී ද උෂ්ණත්වයේ ඉහළ යෑම හමුවේ හජ් වන්දනාවේ කටුක ස්වභාවය වඩාත් ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් අවම වශයෙන් 323 දෙනකු ඊජිප්තු ජාතිකයන් වන අතර, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් ඇතිවන රෝගවලට ගොදුරුවූවන් බව පැවැසේ.
“තෙරපීම හේතුවෙන් මාරාන්තික තුවාල ලැබූ එක් අයෙකු හැර අනෙක් සියල්ලෝම දැඩි උෂ්ණත්වය නිසා මියගියහ”,යනුවෙන් එක් රාජ්‍ය තාන්ත්‍රිකයකු පවසා ඇත.
මියගිය පිරිස අතර අවම වශයෙන් ජෝර්දාන වැසියන් 60 දෙනකු සිටින බව ද සෞදි බලධාරීන් පවසයි.
වාර්තා වන නව මරණ සමඟ හජ් වන්දනාවේදී මියගිය බවට රටවල් කිහිපයකින් මේ දක්වා තහවුරු කර ඇති මුළු සංඛ්‍යාව 577 දක්වා ඉහළ ගොස් ඇතැයි පැවැසේ.
ඊජිප්තුවේ විදේශ අමාත්‍යාංශය කියාසිටියේ හජ් උත්සවය අතරතුර අතුරුදහන් වූ සිය වැසියන් සෙවීමේ මෙහෙයුම් සඳහා රජය සෞදි බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.
සෞදි බලධාරීන් උෂ්ණත්වය ඉහළ යෑම නිසා රෝගී වූ වන්දනාකරුවන් 2,000 කට වැඩි පිරිසකට ප්‍රතිකාර කරන බව වාර්තා කර ඇති නමුත් ඉරිදා සිට එම සංඛ්‍යාව යාවත්කාලීන කර නොමැත.
එමෙන්ම මරණ පිළිබඳ තොරතුරු ලබා දී නොමැති බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart