
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විවිධ වංචා හා දූෂණ වලට සම්බන්ධ ප්‍රබලතම දේශපාලනඥයකුගේ ප්‍රකට බිරියක් ඇතුළු දේශපාලකයන් පස්දෙනකු මේ වසර ඇරඹුමේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ විශ්වසනීය ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘මව්බිම’ වාර්තා කරයි.
මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රබල දේශපාලනඥයන් අතර විදෙස් රැකියාවලට යවන බව කියා ජනතාවගෙන් මුදල් වංචා කළ දේශපාලනඥයකුද, සමගි ජන බලවේගය නියෝජනය කරන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද, සංචාරක මණ්ඩලයේ අකටයුතුකම් වලට සම්බන්ධ වූ කිහිපදෙනකුද වන බව පැවැසේ.
එමෙන්ම ප්‍රහාරක ගුවන්යානා ගනුදෙනුවලදී සිදුවූ අකටයුතුකම් වලට අදාළ වගඋත්තරකරුවන් පිරිසක්ද, බැඳුම්කර ගනුදෙනුවේදී චෝදනා ලැබූ පිරිසක්ද ඇතුළු රටේ ජාතික ධනය කොල්ලකෑ සිද්ධිවලට සම්බන්ධ ප්‍රබලයන් දහයකට වැඩි පිරිසකට අපරාධ පරීක්ෂධණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කඩිනමින් නඩු කටයුතු පවරන බවද වාර්තා සඳහන් කරයි.
අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රබල දේශපාලනඥයාගේ බිරිය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව සමයේද විවිධ පරීක්ෂනණ කටයුතු සිදුකෙරුණත් එම පරීක්ෂණ විධිමත්ව සිදු නොවූයෙන් නීතිය ක්‍රියාත්මක කෙරුණේ නැත.
මෙම සියලු විමර්ශන කටයුතු විධිමත් අයුරින් සිදුකිරීමෙන් පසු සියලු සැකකරුවන්ට එරෙහිව කඩිනමින් හා විධිමත් ලෙස නීතිය ක්රිියාත්මක කරන බව රජයේ ජ්යෙෙෂ්ඨයෙක් ‘මව්බිමට’ ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart