
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ දක්වා රටේ පුරවැසියන් සඳහා බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක(TIN) මිලියන 6.8 ක් නිකුත් කර ඇති අතර එමඟින් ඔවුන්ට රජයේ සේවාවන් ලබාගැනීම පහසු වන බව දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති සහ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් එම්.ඒ. ප්‍රියංකා පවසයි.
දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව සහ මැතිවරණයේදී ජනමාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ, රජයේ සේවාවන් ලබාගැනීම පහසු කිරීම සඳහා රටේ සෑම පුරවැසියකුටම ඩිජිටල් හැඳුනුම්පත් කේතයක් ලබාදෙන බවයි.
“අවුරුදු 18 ට වැඩි මිලියන 17ක මුළු ජනගහනයෙන් සියයට 46 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා TIN නිකුත් කර තිබෙනවා” ඔහු පැවසීය.
“TIN නිකුත් කිරීම ජනතාව ව්‍යාකූල කර තිබෙනවා. ඊට හේතුව එය ලබාගැනීමට අනුගමනය කරන ලද ක්‍රියා පටිපාටිය ද සංකීර්ණ වීමයි” ඔහු සඳහන් කළේය.
එබැවින්, TIN එකක් ලබාගැනීමේ වටිනාකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අවශ්‍ය බව ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවැසීය.
වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා TIN එකක් ලබාගැනීම යනු සෑම කෙනකුම බදු ගෙවීමට බැඳී සිටින බවක් අදහස් නොවන බව ඔහු තවදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart