July 12, 2026

ලග්ගල, කිවුල්වාඩිය ප්‍රදේශයේදී සිදු වූ වන අලි ප්‍රහාරයකින් 45 හැවිරිදි කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ අදාළ කාන්තාව කිවුල්වාඩිය–කරමාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

ඇය අසල පිහිටි නිවසක් වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇයව වහාම ලග්ගල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණ ද, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ කිවුල්වාඩිය ප්‍රදේශයේම පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවකි.