
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වනවිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් සහ ජලාශ 699න් 415ක්ම වාන් දමන බව වාර්තා වේ.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් පාවක්කුලම් ජලාශය ඇතුළු තවත් වැව් කිහිපයක් සහ සුළු වාරිමාර්ග ඇළ මාර්ග ඊයේ පෙරවරුවේ සිට පිටාර ගලමින් පවතින බව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්ධන්ද්‍ර පවසයි.
ඒ අනුව වැව් 400ක්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති සුළු වාරිමාර්ග 11ක්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රධාන ජලාශ හතරක් වාන් දමමින් පවතින බව ද ඔහු සඳහන් කරයි.
දිස්ත්‍රික්කයේ ජන ජීවිතය අඩාළ වී ඇති බවත්, මහ කන්නයේ වී වගාව විනාශ වී ඇති බවත්, හෙතෙම පෙන්වාදෙයි.
කාසල්රී සහ විමලසුරේන්ද්‍ර ජලවිදුලි ජලාශ ඊයේ පෙරවරුවේ සිට වාන් දමයි.
කාසල්රී ජලාශය වසර තුනකට පසු ප්‍රථම වරට වාන් දැමූ බව ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.
වාන් ජලය මුදා හැරීම සඳහා ජලාශයේ දොරටු 13ක් අඩි දෙකහමාරකින් විවෘත කර ඇති බව ඔවුහු පවසති.
මෙම ජලාශ දෙකෙන් අතිරික්ත ජලය මුදාහැරීම හේතුවෙන් කැළණි ගඟ පිරී ඇති බව ඉංජිනේරුවරු පවසති.
ප්‍රධාන ජලවිදුලි ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීමත් සමඟ ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු හතරක් විවෘත කළ බව එහි භාර ඉංජිනේරුවන් ප්‍රකාශ කරති.
කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ එක් ස්වයංක්‍රීය වාන් දොරටුවක් පෙරේදා උදෑසන විවෘත කර කොත්මලේ ඔය හරහා මහවැලි ගඟට ජලය ඝන මීටර් 69.6ක් මුදාහැර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරු ආර්.එම්.එස්. වත්සල පවසයි.
නුගවෙල, රිවර්සයිඩ්, මාවතුර, උලපනේ, ගම්පොල, වැලිගල්ල, වැලිඔය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල, ඇතුළු ප්‍රදේශවලට ඇතිවිය හැකි අනතුරු සැළකිල්ලට ගෙන කොත්මලේ ඔය සහ මහවැලි ගඟ භාවිත කිරීමෙන් වළකින ලෙසට ජලාශවල සහ ගංගාවල පහත් බිම්වල සිටින අයට ඔහු අනතුරු ඇඟවීය.
කලාවැවේ අතිරික්ත ජලය තත්පරයට වර්ග අඩි 3000ක වේගයෙන් කලාඔයට මුදා හැරීම සඳහා ඊයේ කලාවැවේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇත.
මේ හේතුවෙන් කලාවැව අවුකන මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති අතර ගංවතුර තර්ජනයක් ද මතුව තිබේ.
මේ අතර, නායයෑමේ අවදානම හේතුවෙන් ඌව පරණගම කොට්ඨාසයේ ගලහගම ප්‍රදේශයේ පවුල් දාහතරක් ඊයේ (22) රාත්‍රියේ ඉවත් කර ආරක්ෂිත ස්ථානවල නවාතැන් ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart