
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට තැත්කළ පුද්ගලයන් 4 දෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් කොල්ලුපිටියේ පිහිටි නිවසක් පරීක්ෂාකර එම නිවසේ තිබූ රුපියල් රුපියල් එක්කෝටි විසිලක්ෂයක් සහ ඩොලර් තුන්දහස් පන්සියක මුදලක් රැගෙනගොස් ඇත්තේ එම නිවස බලාගැනීමේ නිරත වූ පැමිණිලිකරුට එරෙහිව පවතින විමර්ශනයකට අදාළව එම මුදල් රැගෙන යන බව දන්වමිනි.
පසුව නැවත පැමිණ ඇති සැකකරුවන් එම නිවසේ සේවය කරන ඉන්දීය ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ගොස් තිබේ.
එම සැකකරුවන් පසුව පැමිණිලිකරුගේ දුරකථනයට කතාකර දැනුම්දී ඇත්තේ විමර්ශනයේ දී ඔහුට සහාය දැක්වීම සඳහා සහ ඉන්දීය ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රය නැවත ලබාදීමට රුපියල් කෝටි 4ක් ලබා දෙන ලෙසයි.
පසුව එම මුදල රුපියල් කෝටි තුනහමාරකට අඩුකර ගැනීමට පැමිණිලිකරුට හැකිවී ඇත.
එම මුදලෙන් රුපියල් කෝටියක මුදලක් මුල් කොටස ලෙස ලබා ගැනීම සඳහා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසට ඊයේ පස්වරුවේ සැකකරුවන් පැමිණි අවස්ථාවේ එම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් ද වන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart