
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියානු හමුදාවට එක්වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් පිරිසක් අද රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.
වාර්තා වන පරිදි එම කණ්ඩායමට විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ, ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න සහ රුසියාවේ හිටපු තානාපතිවරයකු වන සමන් වීරසිංහ ඇතුළත් වේ.
මෙම සංචාරයේදී දූත පිරිස රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා සමඟ ලබන 26 සහ 27 යන දිනවල සාකච්ඡා පවත්වනු ඇත.
රහස්‍ය තොරතුරු පිළිබඳ රුසියානු නීති හේතුවෙන් රුසියානු – යුක්රේන යුද්ධයට සම්බන්ධ වූ විශ්‍රාමික ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීම දුෂ්කර වී ඇති බව රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය ප්‍රකාශ කර තිබිණි.
අදාළ නීති හේතුවෙන් යුද්ධයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් පිළිබඳ නිල වාර්තා ලැබී නොමැති බව වාර්තා වේ.
කෙසේවෙතත් රුසියාවෙන් ලැබුණු නිල තොරතුරුවලට අනුව ශ්‍රී ලාංකිකයන් 450කට අධික පිරිසක් එරට සන්නද්ධ හමුදාවන්ට එක්වී සිටිති.
මේ අතර, විදේශ ඇමැති අලි සබ්රිගේ ඉල්ලීමකට අනුව සිය සන්නද්ධ හමුදාවන්හි සේවය සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම අත්හිටුවීමට රුසියාව එකඟ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart