
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මිස ආගමික අන්තවාදීන් නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුණරත්න කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.
“මේ කාරණය සම්බන්ධයෙන් අපේ බුද්ධි අංශ අවධානයෙන් ඉන්නවා. ඉන්දියාවට ගිය පුද්ගලයන් හතර දෙනා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන අතර, ඔවුන්ගේ සගයන් පිළිබඳවද පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා,” යනුවෙන් ගුණරත්න පැවසීය.
“පැවැත්වෙමින් තිබෙන පරීක්ෂණ ගැන මට අදහස් දැක්විය නොහැකියි. කෙසේවෙතත් අත්අඩංගුවට ගත් සිව්දෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මිස ආගමික අන්තවාදීන් නොවේ. එහෙම කිසිම සම්බන්ධයක් නැහැ.” යැයි ඔහු කීවේය.
කෙසේවෙතත් ඉන්දියාවෙන් ලැබුණු බුද්ධි තොරතුරු මත පරීක්ෂණ ක්‍රියාත්මක බව ඔහු සඳහන් කරයි.
“ආරක්ෂක ලේකම්වරයා ලෙස මට ජනතාවට සහතිකයක් දෙන්න පුළුවන් අපි අපේ ජාතික ආරක්‍ෂාව ගැන අවදියෙන් ඉන්නවා කියලා. පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි සිද්ධීන් නැවත ඇති වන්නේ නැහැ,” යැයි ගුණරත්න පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart