
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද ‘Harbour View Residencies’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 350ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ඊට අදාළ කැබිනට් යෝජනාව පහතින් දැක්වේ.
‘රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධරයන් සඳහා නිවාස ඒකක ලබා දීමේ අරමුණ ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ 13, සිරිල් සී පෙරේරා මාවතේ නිවාස ඒකක 452කින් යුතු මහල් 14කින් සමන්විත ‘Harbour View Residencies’ නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
බස්නාහිර පළාතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි පොලිස් කොට්ඨාසයන්හි සේවයේ නියුතු නිලධරයන්හට නිල නිවාස ප්‍රමාණවත් පරිදි ලබා දී ඔවුන්ගෙන් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබා ගැනීමේ අරමුණ ඇතිව එකී නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 350ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත මිල දී ගැනීමටත්, එම නිවාස සඳහා ප්‍රමාණවත් වාහන නැවතුම් පහසුකම් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරවා ගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart