
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන අධි රුධිර පීඩනය සහිත රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදේශක ප්‍රජා වෛද්‍ය ෂෙරීන් බාලසිංහම් පවසයි.
වයස අවුරුදු 18-69 අතර වැඩිහිටි ජනගහනය පිළිබඳව දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව ඔවුන්ගෙන් 35%ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව වාර්තා වූ බව ඇය අනාවරණය කළාය.
සෑම වසරකම මැයි 17 වැනි දින අධි රුධිර පීඩනය පිළිබඳ දැනුවත් කිරීම සඳහාත්, ලුණු භාවිතය සම්බන්ධයෙන් මැයි මස තුන්වැනි සතියේදීත් ගෝලීය වශයෙන් වැඩසටහන් කිහිපයක් පැවැත්වෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ ද වසර 5කට වරක් සමීක්ෂණයක් සිදුකරන බවත් 2021 වසරේ අවසන් වරට සිදුකළ සමීක්ෂණයේ සංඛ්‍යාලේඛනවලට අනුව එම සමීක්ෂණයට සහභාගි වූ පුද්ගලයන්ගෙන් 35%කට අධික රුධිර පීඩනය තිබූ බවත් වෛද්‍ය ෂෙරීන් බාලසිංහම් ප්‍රකාශ කළාය.
වැඩිහිටියකු විසින් දිනකට පරිභෝජනයට ගත යුතු බවට නිර්දේශිත සෝඩියම් ප්‍රමාණය ග්‍රෑම් 05ක් වන නමුත් වැඩිහිටියෙකුගේ දෛනික සෝඩියම් පරිභෝජන ග්‍රෑම් 14.2ක් පමණ වන බවත් එය නිර්දේශිත ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් වැඩි බවත් සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති බවද ඇය පැවසුවාය.
අධි රුධිර පීඩනය වළක්වා ගැනීම සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරමින් ඇය පැවසුවේ යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට නම් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සඳහා ආහාරවල භාවිත කරන ලුණු ප්‍රමාණය අවම කිරීම වැදගත් බවයි. මානසික ආතතිය අවම කිරීම සඳහා ශාරීරික ක්‍රියාමාර්ග වැඩිකිරීම ද වැදගත් බව ද ඇය පැවසුවාය.
දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අත්හැරීම කිරීම මෙන්ම ඔබේ රුධිර පීඩනය නිතර මැන බැලීමේ වැදගත්කම ද වෛද්‍ය ෂෙරීන් බාලසිංහම් අවධාරණය කළාය.
විශේෂයෙන් වයස අවුරුදු 35 ට වැඩි අය තවමත් රුධිර පීඩනය මැන නොමැති නම් හැකි ඉක්මණින් එය වහාම මැනිය යුතු බව ද ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart