
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ මෙරටට එළවළු ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 326.5ක් වැය කර තිබේ.
එය 2022 වසරේ එම කාලයට සාපේක්ෂව ඩොලර් මිලියන 297.2ක පමණ වැඩි වීමකි.
2023 දෙසැම්බර් 29 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව, 2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා එළවළු ආනයන වියදම ඩොලර් මිලියන 326.5ක් වූ අතර නොවැම්බර් සඳහා වූ එම වියදම ඩොලර් මිලියන 29.3ක් ලෙස සටහන් වී තිබේ.
2022 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය සඳහා එළවළු ආනයනයට ඩොලර් මිලියන 297.2ක් වැය කර ඇත.
“අර්තාපල්, සුදුළූණු, ළූණු සහ මිදි, ඇපල් සහ දොඩම් වැනි පළතුරු සඳහා මේ මුදල් වැය වී තිබෙනවා ” යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවසීය.
2024 සඳහා සැලසුම් කර ඇත්තේ එකම වර්ගයේ ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට ද බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, 2023 වසරේ පළමු මාස 11 තුළ ආහාර පාන (ප්‍රධාන වශයෙන් ධාන්‍ය , කිරි නිෂ්පාදන, එළවළු, මුහුදු ආහාර, සීනි, රසකැවිලි සහ කුළුබඩු) ආනයනය සඳහා ඩොලර් මිලියන 1,541ක් වැයකර තිබේ.
2022 පළමු මාස 11 තුළ ඒ සඳහා වැයකර ඇත්තේ ඩොලර් මිලියන 1,478ක් පමණි.
මේ අතර, 2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ එළවළු සහ පළතුරු අපනයන ආදායම ඩොලර් මිලියන 397ක් දක්වා අඩු වී තිබේ.
එය 2022 දී පළතුරු සහ එළවළු අපනයනයෙන් උපයා ඇති ඩොලර් මිලියන 418.8ට වඩා ඩොලර් මිලියන 20කට ආසන්න අඩුවීමකි.
2023 වසරේ මාළු සහ මත්ස්‍ය නිෂ්පාදන අපනයනයෙන් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 274.8ක් උපයා ඇති නමුත් 2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා මුහුදු ආහාර ආනයනය සඳහා ඩොලර් මිලියන 71.4ක් වැයකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart