
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුරවැසියාගේ අයිතියක් සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් ලෙස රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
වත්මන් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින අප්‍රසාද පෙන්වාදුන් ජනාධිපතිවරයා, රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීම රජයේ අරමුණ බව ද ප්‍රකාශ කළේය.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ මෙම අදහස් පළකළේය.
ජූනි මාසය වන විට රාජ්‍ය සේවය සඳහා නිවැරදි දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය කළ ජනාධිපතිවරයා, රාජ්‍ය සේවය තුළ වත්මන් දත්ත ප්‍රමාණයේ පවතින සැලකිය යුතු සංකීර්ණතාව නිසා නිශ්චිත තීරණ ගැනීමේ හැකියාවට බාධා එල්ල වී ඇති බව ද පෙන්වා දුන්නේය.
රාජ්‍ය නිලධාරීන්ට සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් ලබාදීමට සහ වසර තුනක් ඇතුළත විශ්‍රාම වැටුප් විෂමතා විසඳීමට යෝජනා මෙවර අයවැයට ඇතුළත් කරන බව ද ජනාධිපතිවරයා එහිදී අනාවරණය කළේය.
රාජ්‍ය සේවයේ පිරිවැය ඵලදායි ලෙස කළමනාකරණය කරමින් එය ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙම හමුවේදී අවධානය යොමුවිය.
රාජ්‍ය සේවය තුළ දැනට පවතින පුරප්පාඩු 30,000ක් පමණ සම්පූර්ණ කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව ද එහිදී අවධානය යොමු වූ අතර, ඉදිරි අයවැයේදී මෙම වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
රාජ්‍ය සේවය තුළ ඒකාබද්ධ මානව සම්පත් කළමනාකරණයක අවශ්‍යතාව අවධාරණය කරමින් සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය ඇතුළු තාක්ෂණික ක්‍රියා පටිපාටි හේතුවෙන් බඳවා ගැනීමේ ප්‍රමාදයන් පිළිබඳව ද අවධානය යොමුකරන ලදී.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය, සෞඛ්‍ය, වාරිමාර්ග, කෘෂිකර්මාන්තය, අලි මිනිස් ගැටුම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart