
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලබන මාසයේ දෙවැනි වාරිකය අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
මූල්‍ය අර්බුදකාරී කාලසීමාව තුළ අඩාළ වී ඇති ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යොදාගන්නා බවද ඔහු සඳහන් කරයි.
ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් සහ ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලබා දීමට නියමිතය.
මෙම පියවර පැමිණෙන්නේ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවැනි වාරිකය සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සිකුරාදා දිනයේ ප්‍රකාශ කිරීමෙන් පසුවය.
දෙසැම්බර් දෙවැනි සතිය වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත්, එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් පමණ විය හැකි බවත් භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.
දෙවැනි වාරිකය අනුමත කිරීමත් සමඟ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කිරීමට හැකි වූ කොන්දේසි සහ තවමත් සම්පූර්ණ කිරීමට ඇති කොන්දේසි විස්තර කරන බව ඔහු පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කාර්යාලයක් පිහිටුවීම සහ ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහන සම්පූර්ණ කළ යුතු කොන්දේසි අතර වේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ඇතිව රටේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 04 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එමගින් ව්‍යාපෘති සඳහා වෙනත් මූල්‍ය ආධාර සඳහා අවස්ථා උදාකර ගැනීමටත් මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීමටත් හැකිවනු ඇතැයි ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සමාලෝචනය සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය දෙසැම්බර් 06 වැනිදා රැස්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart