
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධි පිරමීඩාකාර මුදල් ආයෝජනයකින් රුපියල් කෝටි ගණනක ආදායම් උපයාගත් පුද්ගලයකුට රූපලාවණ්‍ය ශිල්පිනියක විසින් පාතාලයේ නමින් දුරකතන ඇමතුම් දී රුපියල් ලක්ෂ 315ක කප්පමක් ලබාගෙන ඇත.
එසේ සිදුකළ රූපලාවණ්‍ය ශිල්පිනිය හා ඇයගේ මවුපියන් ද සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (13) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කප්පම් ගැනීම සිදුව ඇත්තේ, මීට වසර 2කට පෙර එනම්, 2023 වසරේ අගෝස්තු 13 වැනිදා ය.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර කප්පම් ඉල්ලා පාතාල අපරාධකරුවෙක් ලෙස පෙනීසිටිමින් දුරකතන ඇමතුම දුන් පුද්ගලයා හඳුනාගෙන ඇත.
ඔහුව අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ වෙනත් කණ්ඩායමක් විසින් ඔහුව මෙහෙයවා ඇති බව ය.
ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේදී අනාවරණය වී ඇත්තේ රූපලාවණ්‍ය ශිල්පිනියක් සහ ඇගේ මවුපියන්ගේ සැලසුමකට අනුව කප්පම් ගැනීම සිදුව ඇති බවය.
මේ අය රුපියල් ලක්ෂ 315ක් තරම් වූ විශාල මුදලක් කප්පමක් ලෙස ලබාගෙන ඇති පුද්ගලයා ද ඔවුන්ව හොඳින් දන්නා හඳුනන අයෙක් බව විමර්ශනයේදී පෙනීගොස් තිබේ.
ඒ අනුව පෙරේදා දියණියත්, මවත්, පියාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර මවත්, පියාත් වරාය අධිකාරියේ හිටපු කම්කරුවන්ය.
ඔවුන් අවුරුදු 75 සහ 67 වයස්වල පසුවනන්නන්ය.
රූපලාවණ්‍ය ශිල්පිනියක් වන දියණිය 30 හැවිරිදි ය.
මෙම තිදෙනාම පදිංචිව සිටින්නේ හංවැල්ල වග, පින්නවල උතුරේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart