
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2022 වසරේ ආර්ථික අර්බුදය පැවති සමයේ ගාල්ල කොටුව අසල නීතිඥවරු පිරිසක් පැවැත් වූ සාමකාමී විරෝධතාවට පොලිසිය කඩා වැදී බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක ගාල්ල ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු තුන්දෙනෙක් අද එම නීතිඥවරුන්ගෙන් කොන්දේසි විරහිතව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමාව අයැද සිටියහ.
පොලිසිය විසින් සිදු කළ එම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් ගාල්ල ප්‍රදේශයේ නීතිඥවරු දෙදෙනෙකු වන අජිත් කුමාර සහ අමරදිවාකර ලියනගේ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබිණි.
එම අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි එවක ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කේ.එන්.ජී වෙදසිංහ , එවක ගාල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ පොලිස් අධිකාරිවරයා සහ ගාල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය කියා සිටියේ වග උත්තරකරුවන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව පෙත්සම්කරුවන්ගෙන් සමාව අයැද සිටින බවයි.
ඊට අමතරව පෙත්සම්කරුවන්ගෙන් ලිඛිතව සමාව අයැද සිටීමේ ලේඛනයක් වග උත්තරකරුවන් විසින් අධිකරණයට භාර දෙන බවත් රජයේ නීතිඥවරිය සඳහන් කළාය.
එම සමාව පෙත්සම්කරුවන් විසින් භාර ගන්නා බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට දැනුම් දුන්නේය.
එම සමථය සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණය හමුවේ පෙනී සිටි වග උත්තරකාර පොලිස් නිලධාරීන් ඇමතූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන,
” එදා සිද්ධිය වූ අවස්ථාවේ ඇති වූ නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් තමයි මේ පෙත්සංකාර නීතිඥවරු පැමිණිලි කළේ. ඔවුන් අද ගාල්ල ඉඳලා මේ නඩුවට ඇවිල්ලා තියෙනවා. මේ නඩුව සමථයට පත් කිරීමට ඔවුන් ඉදිරිපත් වීම ගැන අගය කරන්න. මේ වගේ සහනයක් ලේසියෙන් ලැබෙන්නේ නෑ” යනුවෙන් සඳහන් කළේය.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමටත් අධිකරණය තීන්දු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart