August 29, 2026

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් අතරමැදි පෙත්සම් තුනක් ගොනුකර තිබේ.

නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් කේ. සරත් ලාල් පෙරේරා සහ අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ ජානක අධිකාරී යන පිරිස විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

අදාළ සංශෝධන පනත් කෙටුම්පත නිසි නෛතික හා ව්‍යවස්ථාපිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව පෙත්සම්කාර පාර්ශ්වයන් අධිකරණය හමුවේ අවධාරණය කර සිටී.

එබැවින් මෙම පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩිඡන්දයෙන් මෙය සම්මත කිරීමට හැකියාව පවතින බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.