
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර කෝටි තුනක් මේ මාසයේ දී මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කරයි.
ඇමැති මණ්ඩල අනුමැතිය ඇතිව මෙම බිත්තර ආනයනය කරන බවත් ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පැවසීය.
මේ මාසයේ සිට මාසයකට කෝටි තුන බැගින් ආනයනය කරන බිත්තර ලංකා සතොස හරහා සාධාරණ මිලකට ජනතාවට අලෙවි කිරිමට පියවර ගෙන ඇතැයි ද සභාපති ආසිරි වලිසුන්දර ප්‍රකාශ කළේය.
මේ වනවිට දේශීය වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා අලෙවි කරන බැවින් බිත්තර යළි ආනයනය කිරිමට ඇමැති මණ්ඩලය රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර දුන් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart