
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ ප්‍රමුඛතම ගුවන් තොටුපළ වන කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ ඇතුළු ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ තුනක කළමනාකාරිත්වය ශ්‍රී ලංකාව ඉන්දියාවේ අදානි (Adani) සමූහ ව්‍යාපාරයට පැවරීමට ඉඩ ඇති බවට පළ වන මෑත කාලීන වාර්තා අසත්‍ය බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (පෞද්ගලික) සමාගම පවසයි.
“ඒක බොරුවක්. එවැනි සාකච්ඡා පැවැත්වෙන්නේ නැහැ. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙස එවැනි සාකච්ඡාවක් ගැන මම දන්නේ නැහැ. නාවික හා ගුවන්සේමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය The Morning වෙත පවසා ඇත.
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන් තොටුපළ කළමනාකරණය කිරීමේ බලය අදානි සමූහයට ලබාදීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සූදානමක් පවතින බව සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පසුගියදා ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
කෙසේවෙතත්, වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර පවසා ඇත්තේ, එවැනි සාකච්ඡා හෝ සැලසුම් පිළිබඳව තමන් නොදන්නා බවයි.
තවදුරටත් ඔහු ජනමාධ්‍යය වෙත පවසා තිබුණේ Adani Group සමග ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart