July 13, 2026

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ නාඳුනන මළසිරුරු 28 ක් ඇති බවත්, ඒවා හඳුනාගැනීමට එම ඥාතීන් නොපැමිණීමෙන් එම කාර්ය මණ්ඩලය අපහසුතාවට පත්ව ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පවසා ඇත.

මෙම නාඳුනන මළසිරුරු ගොඩගැසී තිබීම නිසා දෛනිකව එම රෝහල් මෘතශරීරාගාරය වෙත රැගෙන එන මෘතදේහ තැන්පත් කිරීමේ ගැටලුවකට ද මුහුණ පා ඇතැයි රෝහල් ප්‍රකාශකයා සඳහන් කර තිබේ.

මෙම නාඳුනන මළසිරුරු අතර, පිරිමි මෘතදේහ 20ක් ද, කාන්තා මෘතදේහ 8ක් ද වන බව පැවැසේ.

මෙම නාඳුනන මළසිරුරු කොහුවල, දෙහිවල, ගල්කිස්ස, මිරිහාන, පිළියන්දල, මොරටුව, බොරලැස්ගමුව, කැස්බෑව, මොරගහහේන, කිරුළපන, වැල්ලවත්ත, බම්බලපිටිය, අඟුලාන, එගොඩඋයන, මහරගම යන පොලිස් ස්ථාන මගින් ගෙනැවිත් භාර දී තිබේ.